චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ගේ මෙරට සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රදානයක් සිදුකිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා දායකත්වය ලබාදීමට එකඟ වී ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 25.5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීමට හා ව්‍යාපෘති 4ක් සිදුකිරීමට චීන විදේශ අමාත්‍ය වැන්ග් යී එකඟවී තිබෙනවා.
BMICH අලුත්වැඩියාව, වකුගඩු රෝගීන් හඳුනාගැනීම පහසු කිරීමේ උපාංග සහිත ගිලන් රථ සැපයීම, කොළඹ සිටින අඩු ආදායම්ලාභීන් සඳහා අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස ඒකක 1996ක් ඉදිකිරීම පිළිබඳ ගිවිසුම් ඊට ඇතුළත් වනවා.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි