චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා පොලීසියට යතුරු පැදි 10ක් පරිත්‍යාග කර තිබේ.
චීනයේ ශ්‍රී ලංකා තානාපති Qi Zhenhong මහතා මෙම යතුරුපැදි නිල වශයෙන් අද (29) මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතාට සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත භාර දී ඇත.
මිලියන 4ක් පමණ වටිනාකමින් යුතු මෙම යතුරුපැදි, 125cc එන්ජින් ධාරිතාවයකින් යුක්ත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මෙම යතුරු පැදි 10 පොලිස් කොට්ඨාස 10ක් වෙත ඉදිරියේදි ලබාදීමට නියමිතය.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක