චීනයේ අධිවේගී දුම්රිය ජාලයට ඇතුළත් ප්‍රධාන මාර්ගයන් හි කිලෝමීටර් 35300 ක ඉදිකිරීම් නිමා කර, ධාවන මෙහෙයුම් ක්‍රියාවට නැංවේ.
මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා චීනයේ දුම්රිය ක්ෂේත්‍රයේ ස්ථාවර වත්කම් ආයෝජන වටිනාකම චීන යුආන් බිලියන 371. 3 කි. එය පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව සියයට 7 ක වැඩිවීමකි. මේ වනවිට චීනයේ අධිවේගී දුම්රිය ජාලයේ ප්‍රධාන මාර්ගවල ඉදිකිරීම් නිමවා, ධාවන කටයුතු අරඹා ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 35300 කි. රටේ සිව්‍දිගට යා හැකි “සිරස් අටක් සහ තිරස් අටක්”ලෙස නම් කර ඇති අධිවේගී දුම්රිය ජාලය සඳහා නිමවා ඇති ප්‍රධාන දුර ප්‍රමාණය සමස්තයෙන් සියයට 77.83 ක් වී ඇති බව ද විශේෂත්වයකි.එසේම, මෙම අධිවේගී දුම්රිය ජාලය, ලක්ෂ 5ක ජනගහනයක් සහිත නගරවලින් සියයට 95 කට වඩා ආවරණය කර ඇත.
මීට අමතරව චීනයේ නව දුම්රිය මාර්ග කිලෝමීටර් 3000 කට වඩා වැඩි දුරක් මේ වසරේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. එය කලාපීය ආර්ථිකයට සහ සමාජයීය සම්බන්ධීකරණ සංවර්ධනයට නව ශක්තියක් ලබාදෙනු ඇත.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්රතිලාභයට හානි වේ