චීන අන්තර්ජාල තොරතුරු මධ්‍යස්ථානය අද(29) 54 වැනි “චීනයේ අන්තර්ජාල සංවර්ධන තත්ත්වය පිළිබඳ වාර්තාව” නිකුත් කළේ ය.
එම වාර්තාවට අනුව, මෙම වසරේ ජූනි මාසය වන විට, චීනයේ අන්තර්ජාල භාවිත කරන්නන් ගේ සංඛ්‍යාව බිලියන 1.1කට ආසන්න වේ. එය පසුගිය දෙසැම්බර් මාසය හා සසඳන විට ලක්ෂ 74.2ක වර්ධනයකි. රට පුරා අන්තර්ජාල ප්‍රවේශ අනුපාතය 78% දක්වා ළඟා විය.
මෙම වසරේ මුල් භාගයේදී, චීනයේ අන්තර්ජාල කර්මාන්ත දියුණුව මනා ප්‍රවණතාවක් පවත්වා ගෙනයාමට සමත්වී තිබේ. අන්තර්ජාල මූලික සම්පත් සංවර්ධන පදනම ශක්තිමත් කොට තිබෙන අතර, ඩිජිටල් පරිභෝජන ගෘහස්ථ ඉල්ලුමේ උත්තේජනයක්ද පෙන්නුම් කෙරේ. ඩිජිටල් යෙදුම් නවෝත්පාදනයේ අංශයේ ද කැපී පෙනෙන වර්ධනයක් දක්නට ඇත. වඩා වැඩි පිරිසකට අන්තර්ජාල ප්‍රවේශය හිමිව ඇති අතර, ඩිජිටල් යුගයේ ප්රතිලාභයන් ඔවුහූ භුක්ති විඳිමින් සිටිති.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්