අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් චීනය හා අදාළ රටවල් අතර සහයෝගිතාවන්හිදී අඛණ්ඩව ඵලදායී ප්රතිලාභ ලබා ගෙන ඇති බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.
චීන යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ලක්ෂයකට වැඩි වාර ප්‍රමාණයක් ගමන් කර තිබේ. චීන ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කළ භාණ්ඩ ප්‍රමාණය ටොන් මිලියන 50ක් ඉක්මවා ගොස් ඇත. එමෙන්ම චීන-කිර්ගිස්ථාන-උස්බෙකිස්ථාන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම ද ආරම්භ විය. Chancay-ශැංහයි වරායවල් යා කෙරෙන චීන-ලතින් ඇමරිකා ගොඩබිම්-මුහුදු කොරිඩෝව සම්බන්ධ කිරීම ද සාර්ථකව සිදුවිණ.
අන්‍යෝන්‍ය සම්බන්ධතා සහ සන්නිවේදනය, චීනය ඉදිරිපත් කරන එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ වැදගත් සහයෝගිතා ක්ෂේත්රවලින් එකක් බව Guo Jiakun මහතා කියා සිටියේය. එය ගෝලීය දකුණේ උසස් ගුණවත්භාවයෙන් යුතු සංවර්ධනය සඳහා අවශ්‍යතාවට මනා ලෙස ගැළපේ. උසස් ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය හා උසස් මට්ටමේ විවෘතභාවය ඔස්සේ ලෝකය සමග අවස්ථා හා ප්රතිලාභ බෙදා ගනිමින් ගෝලීය දකුණේ රටවල නවීකරණයට සහය ලබාදීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම අවධාරණය කර ඇත.
More Stories
ප්‍රජාතන්ත්‍රවාදිව දේශපාලනය කරපු JVP එක තහනම් කරා – ටිල්වින් සිල්වා
“වසන්තයේ චීනය: චීන අවස්ථා ලෝකය සමග බෙදා ගැනීම” නමැති ගෝලීය සංවාදය කොලොම්බියාවේ දී
“මෙක්සිකෝ බොක්ක” නැවත නම් කිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව නඩු පැවරිය හැකියි– මෙක්සිකෝ ජනපති