චීනයේ ඉහළම උන්නතාංශය සහිත සුළං බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
ටිබෙට් ස්වායත්තයේ මුහුදු මට්ටමේ සිට මීටර් 5000කට වඩා උසකින් පිහිටි Cuomei කෝරළයේදී Zhegu නම් එම ව්‍යාපෘතිය අද (3) සිට ක්‍රියාත්මක කෙරේ. එමගින් වාර්ෂික ව කිලෝවොට් පැය කෝටි 20කට වැඩි විදුලි බල උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ. එම විදුලි උත්පාදනයෙන් ප්‍රදේශයේ පවුල් එක් ලක්ෂ 40 දහසක පමණ වාර්ෂික විදුලි ඉල්ලුම සපුරාලිය හැකි ය.
Zhegu සුළං බලාගාරය, මෙතෙක් චීනයේ අධි-උස් උන්නතාංශ ප්‍රදේශවල ක්‍රියාත්මක කර ඇති විශාලතම ධාරිතාවෙන් යුත් සුළං බලශක්ති ව්‍යාපෘතියයි. චීනයේ අධි-උස් උන්නතාංශය සහිත සුළං විදුලි බල සංවර්ධනය සඳහා Zhegu සුළං බලාගාරය ප්‍රමුඛ ආදර්ශයකි. චීනයේ ටිබෙට් ස්වායත්ත විදුලි උත්පාදන ජාලයට සුළං බලශක්ති ව්‍යාපෘතියක් එක්වන පළමු අවස්ථාව මෙයයි.
චීනයේ ඉහළම උන්නතාංශය සහිත සුළං බලශක්ති ව්‍යාපෘතිය ඇරඹේ

More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්