චීනයේ හිටපු විදේශ අමාත්‍ය සහ කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැන් ජියේචිගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
දූත පිරිස අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
අනතුරුව ඔවුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවනු ඇති.කොළඹට පැමිණෙන දූත පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය නියම කර ඇති දැඩි සෞඛ්‍ය නීතිරිති යටතේ ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා හමුවන්නේ අවස්ථා දෙකකදී පමණක් බව සඳහන්ය.
ඔවුන් එම සංචාරයේ නිරත වන්නේ ගෝලීය කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය සම්බන්ධව දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිවයි.
.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්