නව සංවර්ධන දර්ශනයක් ක්‍රියාවට නැංවීමත්, නව සංවර්ධන රටාවක් සකස් කිරීමත්, ආර්ථික හා සමාජීය සංවර්ධනය තුළ පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමත් අත්‍යවශ්‍ය බව හෙතෙම සඳහන් කළේය.
උසස් තත්ත්වයේ සංවර්ධනයේ නව මාවතක් වෙනුවෙන් ආකෘතිය, ගාමක බලවේගය, ක්ෂේත්‍ර සහ සංවර්ධනයේ ගුණාත්මකභාවය පරිවර්තනය කිරීමට වැඩි උත්සාහයක් ගන්නා ලෙස හෙතෙම එහිදී ඉල්ලා සිටියේය.
චීන ජනාධිපතිවරයා ජූලි 25 සිට 27 දක්වා Guangyuan සහ Deyang නගර ඇතුළු ස්ථානවල සංචාරය කළේය.
ආයතනික රාමු ගොඩනැගීමේ වැදගත්කම සහ ඒවා ක්‍රියාත්මක කිරීම මෙන්ම පාරිසරික සංරක්ෂණයේ ජයග්‍රහණ තහවුරු කිරීමට සහ පුළුල් කිරීමට ජනතාවගේ මුලපිරීම සහ නිර්මාණශීලිත්වය ගොඩනැංවීමේ වැදගත්කමද චීන ජනාධිපතිවරයා එම කාලයේ දී අවධාරණය කළේය.
චීන ජනාධිපතිවරයා Deyang හි Sanxingdui කෞතුකාගාරයේ නව ගොඩනැගිල්ල නැරඹීමට ගියේය.
එහිදී අදහස් දැක්වූ හෙතෙම සංස්කෘතික ධාතූන් සංරක්ෂණය කිරීම සහ අලුත්වැඩියා කිරීම සඳහා වැඩි රාජ්‍ය අනුග්‍රහයක් ලබාදිය යුතු බව අවධාරණය කළ අතර, එය දිගුකාලීන කාර්යයක් ලෙසටද හඳුන්වා දුන්නේය.
නිරීක්ෂණ කාලය අතරතුර සිචුවාන් පළාත් පක්ෂ කමිටුව සහ පලාත් රජය සිය කාර්යයන් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළේය.එහිදී අදහස් දැක්වූ චීන ජනාධිපතිවරයා විද්‍යා තාක්ෂණික නවෝත්පාදනයන්, නවීන කාර්මික පද්ධතියක් ගොඩනැගීම, ග්‍රාමීය පුනර්ජීවනය සහ යැංසි සහ කහ ගංඟා ඉහළ ප්‍රදේශවල පාරිසරික ආරක්ෂණයන් ඒකාබද්ධ කිරීමේ වැඩි ප්‍රගතියක් ලබා ගන්නාලෙස ඉල්ලා සිටියේය.
බෙයිජිං වෙත ආපසු පැමිණෙන අතරතුර චීන ජනාධිපතිවරයා ෂැන්සි පළාතේ හන්ෂොං නගරය ද පරීක්ෂා කළේය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි