කාන්තාර ප්‍රදේශයේ විදුලි උත්පාදනය හා පරිසර සංරක්ෂණය සමගාමීව සිදු කිරීමෙන් චීනය විශාල ප්‍රගතියක් අත්කර ගනී.
වයඹදිග චීනයේ Taklimakan කාන්තාරය හරහා දිවෙන කිලෝමීටර් 522ක් දිග “Tarim තෙල් බිම් මහ මාර්ගය”දෙපස ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර 86ක් ඉදි කර තිබේ. එහි සමස්ත ධාරිතාව කිලෝවොට් 3540ක් වන අතර වාර්ෂික විදුලි උත්පාදනය කිලෝවොට් පැය 36 ලක්ෂ 20 දහසකි. එම මහ මාර්ගය අවට හෙක්ටාර් 3100ක පමණ ජෛව ආරක්ෂණ වනයක් ද පිහිටා ඇත. එම වනයට ජලය පොම්ප කිරීම සඳහා ඩීසල් වෙනුවට ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරවලින් විදුලි උත්පාදනය කිරීමේ හැකියාව පවතී. මේ වන විට “Tarim තෙල් බිම් මහ මාර්ග” ව්‍යාපෘතිය යටතේ හරිත විදුලි උත්පාදනය කිලෝවොට් පැය මිලියන 5ක් ඉක්මවා ගොස් තිබේ. එම ව්‍යාපෘතිය මගින් වාර්ෂික ව ඩීසල් පරිභෝජනය ටොන් 1000කින් ද කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 3410කින් ද අඩු කළ හැකි බව ඇස්තමේන්තු කෙරේ.
More Stories
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ
චීන නාවික හමුදා පුහුණු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව කරුණු විකෘති කිරීම කෙරෙහි චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතිචාරය දක්වයි