ලබන වසරේ පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙල ආරම්භවීමට පෙර රටින් කොවිඩ් වසංගතය තුරන්කිරීම සඳහා චීනය තවදුරටත් සිය කොවිඩ් සීමා දැඩිකරමින් සිටී.
ලොව පළමු නිල කොවිඩ් ආසාදිතයා හඳුනාගත් චීනය මේ වනවිට සාර්ථකව කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර තිබේ.
කෙසේ වෙතත් දැඩි දේශ සීමා නීති ක්‍රියාත්මක කරන ඔවුන් තවමත් අනුගමනය කරන්නේ කොවිඩ් ව්‍යාප්තිය ශුන්‍ය කිරීමේ ක්‍රමවේදය වේ.
ඒ යටතේ හැකි තාක් පිරිස කොවිඩ් පරික්ෂාවට ලක්කිරීමට චීන රජය පියවර ගනිමින් සිටී.
එක් කොවිඩ් ආසාදිතයකු හඳුනාගැනීමත් සමඟ ෂැන්හයි ඩිස්නිලන්තය දින දෙකක කාලයකට තාවකාලිකව වසාදැමීමට ඔවුන් පියවර ගත්තේය.
මේ අතර, ගෙවුණු දිනයේ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් හා මරණ රුසියාවෙන් වාර්තාවී තිබුණි.
ඒ ආසාදිතයින් 40,000 ඉක්මවමින් හා මරණ 1,155ක් සටහන් කරමිනි.
මේ සමගින් ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 247,800,000 ඉක්මවා ගිය අතර වාර්තාවී ඇති මරණ ගණන 5,020,000 දහසට අධිකය.
More Stories
ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්