චීනයේ නැගෙනහිර කලාපයේ නගරයක් ආශ්‍රිතව නව කොවිඩ් පොකුරක් නිර්මාණයවීම හේතුවෙන් එම නගරය සම්පූර්ණයෙන්ම වසාදැමීමට පියවර ගෙන තිබේ.
චීනයේ නැගෙනහිර ෆූජියැන් පළාතේ පුටියැන් නගරයෙන් කොවිඩ් ආසාදිතයන් 20 දෙනෙක් ඊයේ (12) දිනය තුළ හඳුනාගෙන ඇත.
ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මෙම නව කොවිඩ් පොකුර නිර්මාණය වී ඇති බවද මූලික විශ්ලේෂණවලින් අනාවරණ වී තිබේ.
සිංගප්පූරුවේ සිට ඉකුත් මාසයේ පැමිණ තිබූ චීන ජාතිකයෙකුගෙන් නව පොකුර බිහිවී ඇති බවට සඳහන්ය.
මේ අතර ඉකුත් ජූලි මාසයෙන් පසු පළමු වරට ඊයේ දෛනික ගෝලීය ආසාදිතයන් ලක්ෂ 4ට අඩු අගයක් ගෙන තිබුණි.
වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වුයේ අමෙරිකාවෙන් වන අතර එය 35,450කි.
ඒ සමග සමස්ත ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව 22 කෝටි 54 ලක්ෂය ඉක්මවා ගියේය.
ඊයේ ලොව පුරා රටවලින් වාර්තා වී තිබුණේ 6,000ට අඩු කොවිඩ් මරණ සංඛ්‍යාවකි.
ඒ අනුව අද වනවිට ලොව පුරා රටවලින් කොවිඩ් මරණ 46 ලක්ෂ 43,000 වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්