චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කළ ඇතැම් ඇමරිකානු සමාගම් විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවට ඇතුළත් කර ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශය අද (20) නිවේදනය කළේ ය. ඒ අනුව ඇමරිකාවේ Boeing Defense, Space & Security, General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කළ බැවින් එම සමාගම් චීනයට අදාළ ආනයන හා අපනයන කටයුතුවල නිරත වීම මෙන්ම චීනයේ නව ආයෝජන සිදු කිරීම තහනම් කරන බව එම නිවේදනය සඳහන් වේ. එමෙන්ම එම සමාගම්වල ජ්‍යෙෂ්ඨ විධායකයින්ට චීනයට පිවිසීමට ද අවසර නොලැබෙනු ඇත. චීනයේදී ඔවුන්ගේ රාජකාරී බලපත්‍ර, කෙටි හෝ දිගුකාලීන ව රැඳී සිටීමේ සුදුසුකම් අහෝසි වන අතර එවැනි ඉල්ලීම් ද අනුමත නොකෙරෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කළ ඇතැම් ඇමරිකානු සමාගම්වලට එරෙහිව චීනයෙන් දැඩි පියවර

More Stories
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ