චීනයේ තුන්දොරු විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය කිලෝවොට් පැය ට්‍රිලියන 1.6 ඉක්මවයි.
තුන්දොරු විදුලි බලාගාරය ලොව ඉහළම ස්ථාපිත ධාරිතාව සහිත ජලවිදුලි බලාගාරයයි. ගෙවුණු වසර 20 තුළ එම විදුලි බලාගාරය කිලෝවොට් පැය ට්‍රිලියන 1.6 ක පවිත්‍ර බලශක්තිය උත්පාදනය කර ඇතැයි චීන තුන්දොරු සමාගම පවසයි. එම විදුලි උත්පාදනය 2022 වසරේ සමස්ත චීන ජනතාව සෘජුව පරිභෝජනය කළ විදුලිබලය හා සමාන වීම විශේෂත්වයකි.
තුන්දොරු විදුලි බලාගාරයේ සම්පූර්ණ ස්ථාපිත ධාරිතාව කිලෝවොට් මිලියන 22.5 කි. එහි සැලසුම් කරන ලද වාර්ෂික විදුලි උත්පාදන ධාරිතාව කිලෝවොට් පැය බිලියන 88.2 ක් වේ. එම විදුලි බලාගාරය ප්‍රධාන වශයෙන් චීනයේ නැගෙනහිර හා මධ්‍යම ප්‍රදේශවලට විදුලිය සපයයි.
More Stories
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා
විවිධ අවධානම් හා අභියෝගයන්ට චීනය සන්සුන්ව හ ශක්තිමත්ව ප්‍රතිචාර දක්වා ඇතැයි චීන අගමැති කියයි