චීනයේදී විදේශිකයන්ට මුදල් ගෙවීමේ පහසුකම් තවදුරටත් පුළුල් කෙරේ.
මේ වනවිට, බෙයිජිං, Shanghai ඇතුළු චීනයේ විවිධ නගර හා පළාත් 30ක මේ සඳහා විශේෂ පියවර ගෙන ඇති බව චීන මහජන බැංකුව පවසයි. මේ යටතේ, විදේශිකයන්ට චීනයේදී විවිධ ගෙවීම් පහසුකම් භාවිත කිරීමට හැකියාව ලැබී තිබීම විශේෂත්වයකි.උමං දුම්රිය ස්ථාන, කෞතුකාගාර, සාප්පු සංකීර්ණ යනාදී විවිධ ස්ථානවල දී අදාළ පහසුකම් සපයා ඇත. විදේශ කාඩ්පත් ඔස්සේ ඍජුව ගෙවීම් කිරීම ද ඊට ඇතුළත් ය. එසේ ම, ජාත්‍යන්තරයේ ප්‍රධාන ණය කාඩ්පත් සංවිධාන 5ක් ද චීනය තුළ මුදල් ගෙවීමේ කටයුතු විවෘත කර තිබේ.

සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය අප්‍රේල් මාසයේ POS යන්ත්‍ර ඔස්සේ විදේශ කාඩ්පත්වලින් මුදල් ගෙවීම් කළ වාර ගණන හා එහි සමස්ත වටිනාකම පෙබරවාරි මාසයට වඩා 50%කින් වර්ධනය වී ඇත. එමෙන්ම චීනයට පැමිණ සිටි විදේශකයින් ලක්ෂ 20කට අධික පිරිසක් සිය ජංගම දුරකථනයෙන් මුදල් ගෙවීම් සිදු කර තිබේ. එලෙස ගෙවීම් සිදු කළ වාර ගණන හා අගය පෙබරවාරි මාසය හා සැසඳීමේදී 80%කට වැඩි වර්ධනයක් පෙන්නුම් කරයි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්