චීනයේ මැද සරත් උත්සවය හා ජාතික දින නිවාඩු කාලය තුළ රට පුරා දුම්රිය මගී සංචාර වාර ගණන කෝටි 16 ඉක්මවා ගොස් ඇති බව සංඛ්‍යාලේඛනවලින් තහවුරු කෙරේ. සැප්තැම්බර් 29වන දින පමණක් දුම්රිය මගී සංචාර වාර ගණන කෝටි දෙකක් පමණ වූ අතර එය නව ඓතිහාසික වාර්තාවකි.
එම කාලය තුළ රටේ අධිවේගී මාර්ගවලින් ගමන් කළ වාහන සංඛ්‍යාව කෝටි 48.7කි. කිලෝමීටර් 500-800ත් අතර දුරකින් යුත් ගමන්වාර සංඛ්‍යාව වැඩි වීම විශේෂත්වයකි. ජල ප්‍රවාහන සේවාවෙන් සිදු වූ මගී සංචාර වාර ගණන එක්කෝටියකට අධිකය.
මේ අතර ජාතික සංක්‍රමණික පාලන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, මැද සරත් උත්සවය හා ජාතික දින නිවාඩු කාලය තුළ රටේ දේශසීමා මායිම් පරීක්ෂණ ආයතන මගින් පරීක්ෂාවට ලක් කෙරුණු ආගමන-විගමන පුද්ගලයින්ගේ වාර ගණන එක්කෝටි දහඅට ලක්ෂයක් පමණ වේ. ඉන් ආගමන වාර ගණන මිලියන 5.87ක් වන අතර විගමන වාර ගණන මිලියන 5.95ක් පමණ වන බව වාර්තා වේ. ඔක්තෝබර් දෙවැනිදා ආගමන හා විගමන වාර ගණන මිලියන 1.67ක් වූ අතර එය නිවාඩු කාලය තුළ වැඩිම ආගමන හා විගමන සංඛ්‍යාවයයි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි