අද(19) චීන තොරතුරු කාර්යාලය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට අනුව, අපේක්ෂිත අගයට වඩා වැඩි ප්‍රමාණයකින් චීනයේ කාර්මික අංශයේ එකතු කළ අගය 2023 දී වාර්ෂිකව 4.6% කින් වැඩි වී ඇත. එය 2022 වසරට සාපේක්ෂව 1% ක ඉහළ යාමක් වන අතර නිෂ්පාදන කර්මාන්තයේ සමස්ත පරිමාණය අනුව අඛණ්ඩව වසර 14 ක් තිස්සේ ලොව ප්‍රථම ස්ථානය හිමි රට බව යළි තහවුරු කර ඇත.
2023 දී, චීනයේ කාර්මික අංශයේ ආර්ථිකය සාමාන්‍යයෙන් ප්‍රකෘතිමත් වීමේ ප්‍රවණතාවක් පෙන්වනු ඇති බවත්, තොරතුරු සහ සන්නිවේදන කර්මාන්ත සංවර්ධනය වේගවත් වනු ඇති බවත් උසස් තත්ත්වයේ සංවර්ධනය ශක්තිමත් ලෙස ඉදිරියට යන බවත් චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ උප අමාත්‍ය Xin Guobin මහතා එම රැස්වීමේදී පැවසුවේ ය. එමෙන් ම ප්‍රධාන කර්මාන්ත දහයේ සාමාන්‍ය වර්ධන වේගය 5% ඉක්මවා යමින් කාර්මික අංශයේ ස්ථාවර වත්කම් ආයෝජනය වාර්ෂිකව 9% කින් වැඩි වන බව ද ඔහු සඳහන් කළේ ය.
2024 දී චීන කාර්මික අංශයේ සංවර්ධනයට මුහුණ දෙන අභ්‍යන්තර හා බාහිර පරිසරය තවමත් දැඩි හා සංකීර්ණ බවක් පෙන්නුම් කළ ද චීනයට සම්පූර්ණ කාර්මික පද්ධතියක්, ඉතා විශාල වෙළඳපලක් සහ පූර්ණ යටිතල පහසුකම් හිමි වීමේ වාසිය පවතී. එහෙයින් කාර්මික අංශයේ දිගුකාලීන ධනාත්මක ප්‍රවණතාවය වෙනස් නොවනු ඇති බවත් Xin Guobin මහතා එහිදී සඳහන් කර ඇත.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය