චීනයට පදිංචියට පැමිණි එතෙර චීන ජාතිකයන් හා පවුල්වල සාමාජිකයින්ගේ පළමු ජාතික සම්මේලනය බෙයිජිංහිදී ආරම්භ වේ.
එම සම්මේලනයේ සමාරම්භක උත්සවය අද(31) උදෑසන බෙයිජිංහි මහජන මහ ශාලාවේදී පැවැත්විණ. ෂී ජින් පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රටේ නාකයෝ එම සමාරම්භක උත්සවයට සහභාගි වූහ.
1200 කට ආසන්න චීනයට පදිංචියට පැමිණි එතෙර චීන ජාතිකයන් හා එම පවුල්වල සාමාජිකයින් සහ 100 කට වැඩි විදේශ රටවල එතෙර චීන ජාතිකයන් 600 කට ආසන්න පිරිසක් ඊට සහභාගී වී තිබේ.
එම පිරිස මෙරට අධි ගුණාත්මක සංවර්ධනයට වඩා වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට බලාපොරොත්තු වන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික Li Xi මහතා එම සම්මේලනය අමතමින් පැවසීය.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ