චීනය ලෝක වෙළඳ සංවිධානයට එක් වීමෙන් පසු ආහාර ආනයනය සීඝ්රයෙන් වර්ධනය වී ඇත. 2012 සිට 2020 දක්වා චීනයේ ආහාර ආනයනය වාර්ෂිකව 11.4% කින් ඉහළ ගොස් ඇත. 2020 දී ආනයනවල මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉක්මවා ගොස් ඇත. ආනයනික ආහාර චීන වැසියන්ගේ මේසයට නැතිවම බැරි වර්ගයක් බවට පත්වී තිබෙනවා පමණක් නොව, ඒ ආශ්රිත ව්‍යාපාරවල යෙදී සිටින අන්තර්ජාතික සමාගම්වලට විශාල වාණිජ අවස්ථා උදාකර දී ඇත.
පසුගිය මාසයේ පැවති 4 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේදී බෙල්ජියමේ රතු පෙයාර්ස් තොගයක් බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. බෙල්ජියමේ මෙම කෘෂිකාර්මික නිෂ්පාදනය ආසියා වෙළඳපොළක දක්නට ලැබුණු අවස්ථාව ද මෙයයි. නුදුරේදී, මෙම රතු පෙයාර්ස් චීනයේ ඇතැම් සුපිරි වෙළඳසැල්වල අලෙවි කෙරෙනු ඇත.
බෙල්ජියමේ රතු පෙයාර්ස් පමණක් නොව ප්‍රංශයේ වයින් සහ ඉක්වදෝරයේ සුදු ඉස්සන් යනාදී කළින් ඉහළ පෙළේ අවන්හල්වල පමණක් තිබූ ආහාර දැන් සාමාන්‍ය චීන ජනතාවගේ ආහාර මේසයේ දැකිය හැකිය.
චීනය ආහාර කර්මාන්තයේ දියුණුව ඉහළින් වැදගත් කොට සලකයි. චීනය කෘෂිකාර්මික නිෂ්පාදනය ස්ථාවර කර ආහාර සැපයුම සහතික කරමින් ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා වෙළඳපල සක්‍රීයව විවෘත කොට ආනයනය අඛණ්ඩව ව්‍යාප්ත කරයි.
මේ වන විට චීනය රටවල් හා කලාප 26ක් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් 19ක් අත්සන් කර තිබේ. ආසියන් සංගම් රටවල පලතුරු චීනයේ වෙළපලට ඇතුළත්වීමට ආනයන ගාස්තු ශුන්‍ය කර ඇත. පළතුරු හා එළවළු නිෂ්පාදනය හා අලෙවියෙහි නිරතව සිටින සමාගම්වලට චීනය වෙත සිය අපනයනය පුළුල් කිරීමේ දැවැන්ත ව්‍යාපාරික අවස්ථාවක් ද උදාකර දී තිබේ.
More Stories
ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්