කොවිඩ් වෛරසයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරයේ මිලියන 11කට අධික ජනතාවක් කොවිඩ් පරීක්ෂාවට ලක්කිරීම පසුගිය සතියේ ආරම්භ කළේය.
දින කිහිපයක් තුළ ඔවුන් සියලුදෙනා කොවිඩ් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී ආසාදිතයන් 37 දෙනෙකු සහ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 41 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඉතා සංවිධානාත්මක වැඩපිළිවෙලක් ඔස්සේ ඩෙල්ටා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට වෙර දරන චීනය වෛරස ආසාදිතයන් බහුලව හමුවන ප්‍රදේශ අධි අවදානම් කලාප ලෙස ලැයිස්තුගත කර ඇත.
ඒ අනුව ආසාදිතයන් 300කට වඩා හඳුනාගෙන ඇති නැගෙනහිර චීනයේ ජියැංසු පළාතේ යැංෂෝ නගරයේ තවත් ප්‍රදේශයක් එම ලැයිස්තුවට එක් කිරීමට බලධාරීන් පියවර ගත්තේය.
මේ වනවිට චීනයේ පළාත් 4ක නගර 6ක ප්‍රදේශ 15ක් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති බව සඳහන්ය.
පරීක්ෂණ ක්‍රියාවලිය වේගවත් කිරීමට ස්ථාන 2,800කට සෞඛ්‍ය සේවකයින් 28,000 කට අධික සංඛ්‍යාවක් යෙදවීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
ඩෙල්ටා ව්‍යාප්තිය හමුවේ නැවත ලොක්ඩවුන් සීමා බල ගැන්වූ චීනය මහා පරිමාණ කොවිඩ් පරීක්ෂණ සිදුකරමින් මෙලෙස වෛරස ව්‍යාප්තිය පාලනයට පියවර ගෙන ඇත්තේ එන්නත්කරණය පිළිබඳව විශ්වාසය තබා රටවල් රැසක් කොවිඩ් පාලන සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇති පසුබිමක වීම විශේෂත්වයකි.
වසංගතය මුල් අවධියේදී මෙන්ම චීනය වසංගතයට එරෙහිව දැඩි සටනක නිරතව සිටින බවත් ඩෙල්ටා ආසාදිතයන් මුල්වරට හඳුනාගත් නැන්ජිං නගරයේ මිලියන 9ක ජනතාව තෙවරක් කොවිඩ් පරීක්ෂාවට ලක්කිරීම තුළින් එය මනාව නිරූපණය වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි