චීනයේ ප්‍රථම කෘත්‍රිම බුද්ධි ධාරිතාව ගොඩනැගීම පිළිබඳ වැඩමුළුව Shanghaiහි දී අද(3) ආරම්භ විය. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(3) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසුවේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් පිළිබඳ ප්‍රධාන රටක් ලෙස, එහි සංවර්ධනයට චීනය විශාල වැදගත්කමක් ලබා දෙන බවයි.
මෙම වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී “කෘත්‍රිම බුද්ධි ධාරිතාව ගොඩනැගීමේ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම” පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය රටවල් 143ක අත්සනින් යුතුව ඒකමතිකව සම්මත කළ බව ඇය කියා සිටියාය.
එම යෝජනාවට අනුව, සැප්තැම්බර් 3 සිට 6 වැනිදා දක්වා Shanghai හි දී කෘත්‍රිම බුද්ධි ධාරිතාව ගොඩනැගීමේ වැඩමුළුව චීනය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව පවත්වන අතර රටවල් 40කට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයින් පිරිසක් ඊට එක් වෙති. එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා එම වැඩමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී විය.
ජාත්‍යන්තර ප්‍රජාවට පොදු ව්‍යාපෘතීන් සැපයීමට සහ සමස්ත මානව වර්ගයාට ප්රතිලාභ ගෙන දෙන පරිදි කෘත්‍රිම බුද්ධිය ප්‍රවර්ධනය සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමට චීනය අඛණ්ඩව කැපවී සිටින බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව සඳහන් කළාය.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ