චීනයේ මානව හිමිකම් භාවිතය බහුතර රටවල පැසසුමට

23වනදා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සිව්වන විශ්වීය සමාලෝචන සාකච්ඡාවට එක් වෙමින්, චීන පාර්ශ්වය සිය මානව හිමිකම් සංවර්ධන මාර්ගය හා ජයග්‍රහණ විස්තර කළේය. එම අවස්ථාවේදී  ඇතැම් රටවල නියෝජිතයෝ විනාඩියකට අඩු කතාවක් සිදු කළද චීනයේ මානව හිමිකම් සම්බන්ධයෙන් විශේෂයෙන් ප්‍රසාදය පළ කළහ. එසේම 120කට වැඩි රටවල් චීනයේ විස්තරය සක්‍රිය ඇගයීමට ලක්  කළේය. ෂින්ජ්‍යං යන මාතෘකා මගින් මානව හිමිකම් සාකච්ඡාව දේශපාලනීකරණය කිරීම සඳහා බටහිර රටවල් දැරූ උත්සාහයට එය දැඩි පහරක් විය.

එම දිනයේදීම ‘චීනයේ ත්‍රස්ත විරෝධී නීති පද්ධතිය සහ භාවිතය’නමැති ධවල පත්‍රිකාව’ නිකුත් කෙරිණ. චීනයේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් හා ප්‍රතිඵල එමගින් විස්තර කෙරුණු අතර බාහිර ලෝකයට ෂින්ජ්‍යං ප්‍රදේශයේ ඇතිවූ වෙනස්කම් අවබෝධ කර ගැනීමට ඉන් ප්‍රවේශයක් සලසා තිබේ. ‘නීතියට අනුව ත්‍රස්ත විරෝධී මෙහෙයුම් සිදු කිරීම’ යන්න එම ධවල පත්‍රිකාව මුළුමනින්ම අවධාරණය කරන කරුණකි. එසේම ත්‍රස්තවාදයට උපරිමයෙන් පහර දෙන අතර ජනතාවගේ ජීවන අයිතිය හා සංවර්ධන අයිතිය මූලික වශයෙන් සහතික කර ඇතැයි විශේෂඥයින්ගේ මතය වේ. ජනමත විමසුමකට අනුව චීන ජනතාවගේ ආරක්ෂිත හැඟීම, වසර 2012හේ සියයට 87.55 සිට වසර 2021කේ සියයට 98.62ක් දක්වා වැඩි වී තිබේ.

චීනයේ ත්‍රස්ත විරෝධී මෙහෙයුමෙන් පිළිබිඹු කෙරෙන නෛතික පාලන චින්තනය, ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී මූලධර්මයට සමානය. ඉන් ත්‍රස්තවාදය ඵලදායි ලෙස මර්දනය කරමින් මානව හිමිකම් ද සහතික කර ඇත. ඇතැම් බටහිර රටවල් ද්විත්ව ප්‍රමිතීන් යොදා ගනිමින් ඊනියා ‘නීතිමය පාලනය’ හා ‘මානව හිමිකම්’ යන හේතු මත චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමෙන්, ජගත් ත්‍රස්ත විරෝධී සහයෝගතාවට බාධා කළ අතර ඉන් ගෝලීය මානව හිමිකම් ආරක්ෂාවට ද හානිකර විය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com