චීනයේ වාර්ෂික සැසිවාර දෙකෙන් පිළිබිඹු වන ජනතා ප්‍රජාතන්ත්‍රවාදය

{"ARInfo":{"IsUseAR":false},"Version":"1.0.0","MakeupInfo":{"IsUseMakeup":false},"FaceliftInfo":{"IsChangeEyeLift":false,"IsChangeFacelift":false,"IsChangePostureLift":false,"IsChangeNose":false,"IsChangeFaceChin":false,"IsChangeMouth":false,"IsChangeThinFace":false},"BeautyInfo":{"SwitchMedicatedAcne":false,"IsAIBeauty":false,"IsBrightEyes":false,"IsSharpen":false,"IsOldBeauty":false,"IsReduceBlackEyes":false},"HandlerInfo":{"AppName":2},"FilterInfo":{"IsUseFilter":false}}

වාර්ෂික ව පැවැත්වෙන චීනයේ සැසිවාර දෙක, එනම් චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය සහ චීන මහජන දේශපාලන උපදේශක සභා‍වේ ජාතික කමිටුවේ වාර්ෂික සැසිවාරය, චීන මාදිලියේ ප්‍රජාතන්ත්‍රවාදය ලොවට ප්‍රත්‍යක්ෂ කිරීමේ කවුළුවකි. ඊයේ(11) පැවති 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 03 වැනි සැසිවාරයේ සමාප්තියේ දී ‘චීන මහජන සමූහාණ්ඩුවේ චීන ජාතික මහජන කොංග්‍රසයේ හා ප්‍රාදේශීය වශයෙන් විවිධ මට්ටමේ මහජන කොංග්‍රසයේ නියෝජිත නීතිය’ සකස් කිරීමේ තීරණය මෙවර සැසිවාරයට එක්වූ නියෝජිතයෝ සම්මත කළහ.

චීනයේ සැසිවාර හා සම්බන්ධ මෙම සමස්ත ක්‍රියාවලියේ දී අංගසම්පූර්ණ වශයෙන් චීනයේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය නව මාවතකට පිවිස ඇති බවත්, චීනයේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් වැඩි රටවල පැසසුමට ලක්ව ඇති බවත්, විදෙස් මාධ්‍යයන් හි පොදු ප්‍රතිචාරය වී ඇත.

චීනයේ ක්‍රියාත්මක වත්මන් එම නියෝජිත නීතය සම්මත වූයේ 1992 වසරේ දීය. මෙවර සම්මත කෙරුණේ එහි සිව්වැනි සංශෝධනයයි. මෙහිදී අධීක්ෂණය කිරීම හා සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉදිරිපත් කර ඇති සංශෝධන අතර නිල කෙටුම්පත් යෝජනා 34ක් වන බව අනාවරණය කෙරිණ. ප්‍රධාන අංශ 09ක් ඊට ඇතුළත්ය. ඒ අතරින්, ‘සමස්ත ක්‍රියාවලියේ දී අංගසම්පූර්ණ වශයෙන් චීනයේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට අනුගත වීම’ යන්න සාමාන්‍ය මූලධර්මයට ඇතුළත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි. එමෙන් ම, ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිත නියෝජිතවරියන්, මහජනතාව සමග සම්බන්ධ වීමේ අවශ්‍යතාව ද එහි දී අවධාරණය කෙරේ.

වාර්ෂික ව පැවැත්වෙන මෙම සැසිවාර දෙක මහජනතාව දේශපාලනික කටයුතුවලට එක් වන චීනයේ අතිශය වැදගත් ක්‍රමවේදය ලෙසට සැලකේ. මෙවර සැසිවාර දෙකේ දී,  විවිධ ජාතීන්, ඒ ඒ ක්ෂේත්‍ර නියෝජනය කරන 3000ක පමණ චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිත පිරිසක් සහ මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සාමාජිකයන් 2100කට වැඩි පිරිසක් මහජනතාවගේ අපේක්ෂා හා මතයන් එක් කළහ. එසේ ම, උණුසුම් අවධානයට ලක්වූ විවිධ මාතෘකා පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවීම් රැසක් පවත්වා මහජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට මෙහිදී සමත් විය. තවද වයස්ගත පුද්ගලයන් නඩත්තු සේවා ප්‍රශස්ත අයුරින් අත් විඳීමට අවස්ථා සැලසීම, උපාධිධාරීන් ඇතුළු යොවුන් පිරිස වෙත සහන ප්‍රතිපත්තීන් අලුතින් සම්පාදනය කිරීම ඇතුළු කරුණු පිළිබඳව ද එහිදී විග්‍රහ කෙරිණ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com