චීනයේ විදුලි උත්පාදනය සඳහා පුනර්ජනනීය බලශක්තිය වැදගත් දායකත්වයක් ලබා දෙයි.
මේ වන විට චීනය සතු පුනර්ජනනීය බලශක්ති ධාරිතාව කිලෝවොට් බිලියන 1.45ක් බවත්, එය රටේ සමස්ත විදුලි ධාරිතාවෙන් 50% ඉක්මවා ගොස් ඇති බවත්, ඊයේ (21) පැවති 2024 චීන ජාතික බලශක්ති කාර්ය සමුළුවේ දී ප්‍රකාශ කෙරිණ. මේ වසරේ මුල සිට මේ දක්වා චීනයේ පුනර්ජනනීය බලශක්තියෙන් කිලෝවොට් පැය ට්‍රිලියන 3ක විදුලි උත්පාදනයක් සිදු වී තිබේ. එය මුළු සමාජයේ විදුලි පරිභෝජනයෙන් තුනෙන් එකක අවශ්‍යතා පිරිමසා ඇත.
චීනයේ විශාල පරිමාණ සුළං විදුලි බලාගාර හා ප්‍රකාශ වෝල්ටීයතා කඳවුරු සංවර්ධනය මැනවින් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. දැනට රටේ සමස්ත වශයෙන් ස්ථාපිත සුළං බල හා ප්‍රකාශ වෝල්ටීයතා ධාරිතාව කිලෝවොට් බිලියනය ඉක්මවා ගොස් ඇති අතර, සිවිල් භාවිතයන් සඳහා වන ප්‍රකාශ වෝල්ටීයතා ධාරිතාව කිලෝවොට් කෝටි 10 කි.
එමෙන් ම තාප විදුලි උත්පාදනය ස්ථාවර මට්ටමේ පවතින බවත්, රටේ ගල්අඟුරු සංචිතය ටොන් කෝටි 20 ක් දක්වා වැඩි වී ඉහළම තැන්පතු මට්ටමේ රැඳී ඇති බවත්, 2024 චීන ජාතික බලශක්ති කාර්ය සමුළුවේ දී අනාවරණය කෙරිණ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි