2023 ජූලි මාසය අවසන් වන විට චීනයේ විදේශ විනිමය සංචිතයේ පරිමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3204.3 කි. ජූනි මස අවසානය හා සසඳන විට එය ඇමෙරිකානු ඩොලර් බිලියන 11.3 කින් හෙවත් 0.35% කින් වැඩි වී ඇත. චීනයේ විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලනයේ සංඛ්‍යා ලේඛන මගින් මේ බව පෙන්නුම් කරයි.
2023 ජූලි මාසයේදී, ප්‍රධාන ආර්ථිකයන්හි මූල්‍ය ප්‍රතිපත්ති සහ අපේක්ෂාවන්, ලෝක සාර්ව ආර්ථික දත්ත සහ අනෙකුත් සාධකයන්ගේ බලපෑමෙන්, ඇමරිකානු ඩොලර් දර්ශකය පහත වැටුණු අතර ගෝලීය මූල්‍ය වත්කම්වල මිල ද සාමාන්‍යය ප්‍රමාණයෙන් ඉහළ ගොස් ඇත. නමුත් දැඩි සංවර්ධන නම්‍යශීලීත්වය හා ප්රවණතාවයන්ගෙන් යුත් චීන ආර්ථිකය දිගුකාලීන ව යහපත් අතට හැරීමේ තත්ත්වය වෙනස් වී නොමැත. විදේශ විනිමය සංචිත පරිමාණයේ මූලික ස්ථාවරත්වය පවත්වා ගැනීමට මෙය වඩාත් හිතකර වනු ඇත.
චීනයේ විදේශ විනිමය සංචිතයේ පරිමාණය ඉහළට

More Stories
චීනයේ තායිවාන දූපත ආශ්රිත හමුදා අභ්‍යාස බෙදුම්වාදීන්ට සිදු කරන බරපතල අනතුරු ඇඟවීමක් – චීනය
චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වන සංවත්සරය අදයි
චීන ටිබෙට් ප්රශ්නය සම්බන්ධ පොරොන්දු පිළිපදින්නැයි ඇමරිකාවට චීනයෙන් ඉල්ලීමක්