මේ වසරේ මුල් මස 6 තුළ චීන විදේශ වෙළඳාමේ ආනයන හා අපනයන ප්‍රමාණය ඉතිහාසයේ සමාන කාලපරිච්ඡේදය සමගසැසඳීමේදී ඉහළ ම අගයක් වාර්තා කරන බව චීන රේගු මහා පරිපාලනයේ නිලධාරීන් අද (13) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ඒඅනුව භාණ්ඩ වෙළඳාමේ ආනයන හා අපනයන ප්‍රමාණයේ වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 20.1කි. එය පසුගිය වසරේ අගයටසාපේක්ෂව සියයට 2.1කින් වර්ධනය වී ඇත. ඒ අතරින් අපනයන ප්‍රමාණය ට්‍රිලියන 11.46ක් වන අතර පසුගිය වසරට සාපේක්ෂවසියයයට 3.7කින් වැඩි විය. ආනයන ප්‍රමාණය ට්‍රිලියන 8.64ක් වන අතර පසුගිය වසරට සාපේක්ෂව සියයට 0.1කින් අඩු වී ඇත. මේ වන විට චීනයේ විදේශ වෙළඳාමේ ආනයනය හා අපනයනය අනාගත අපේක්ෂාවන්ට අනුකූලව ස්ථීර ලෙස වර්ධනය වෙමින්ගුණාත්මක දියුණුවක් පෙන්නුම් කරයි.
චීනයේ විදේශ වෙළඳාමේ ආනයන හා අපනයන ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළට

More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්