බටහිරට විවෘත කිරීමේ සැලසුම පොදු ප්‍රතිලාභ ගෙන දෙන්නක් බව චීන ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්ත රජයේ මාධ්‍ය ප්‍රකාශකයා පවසයි.
නැගෙනහිර සහ බටහිර ශිෂ්ටාචාර හුවමාරු කිරීමේ වැදගත් නාලිකාවක් වන චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ප්‍රදේශය පුරාණ සේද මාවතටත් වර්තමානයේ ‘සේද මාවත වූ ආර්ථික තීරයටත් ඉතාම වැදගත් වන අතර එය චීනයේ බටහිරට විවෘත කිරීමේ සැලසුමේ පෙරමුණ බව ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්ත රජයේ මාධ්‍ය ප්‍රකාශකයා ඊයේ (12) බෙයිජිංහි පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.
මේ මස 4වැනිදා සිට 9වැනිදා දක්වා කාලය තුළ තුර්කිය, නවසීලන්තය, ප්‍රංශය, රුසියාව, මැලේසියාව, ටැන්සානියාව, මෙක්සිකෝව, ජපානය, ලෙබනනය, දකුණු කොරියාව, සිරියාව, ඉතාලිය සහ කෙන්යාව ඇතුළු රටවල් 13 ක චීනයේ සිටින කර්මාන්ත හා වාණිජ නියෝජිතයෝ ෂින්ජ්‍යං හි නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. ඔවුන් එම කාලයේදී ෂින්ජ්‍යං හි කාර්මික සහ වාණිජ ක්ෂේත්‍රයේ නියෝජිතවරුන් සමඟ පුළුල් ලෙස අදහස් හුවමාරු කරමින් ඵලදායී ප්‍රතිඵල රැසක් අත්කර ගෙන තිබේ.
ෂින්ජ්‍යං ප්‍රදේශය, පොදු ප්‍රතිලාභ හා පොදුවේ බෙදා ගැනීමේ මූලධර්මයන්ට නැගෙනහිර හා බටහිර අන්‍යෝන්‍ය සහයෝගතා ප්‍රවර්ධනය කරමින් උසස් මට්ටමේ විවෘත රටාවක් ගොඩනගනු ඇත. රටවල් අතර ආර්ථික සබඳතා සමීප කෙරෙමින් කලාපීය සහයෝගිතා සමස්තයක් ද ක්‍රමයෙන් බිහි වනු ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි