චීනයේ ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය හෙට (30) පෙරවරු 4:27 ට දියත් කිරීමට නියමිත ය.
අද (29) Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ පැවති ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත මෙහෙයුම පිළිබඳ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කෙරිණ.
මෙහෙයුම් මූලස්ථානයේ තීරණයට අනුව, Cai Xuzhe සහ Song Lingdong යන මහත්වරුන් මෙන්ම Wang Haoze මහත්මිය ෂෙන්චෞ 19 කාර්යමණ්ඩල ගගනගාමීන් ලෙස කටයුතු කරයි. Cai Xuzhe මහතා එහි ප්‍රධාන අණදෙන නිළධාරියා ලෙසට ක්‍රියා කරනු ඇත.
මේ වනවිට මෙහෙයුම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රමානුකූලව සූදානම් කරමින් පවතී. මෙම මෙහෙයුම චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන භාවිතය සහ සංවර්ධන අදියර සඳහා වන සිව්වන ගගනගාමීන් සහිත මෙහෙයුම වන අතර ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතියේ 33 වැනි මෙහෙයුම ද වේ.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ