චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික සහ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ වං යී මහතා, COP28 සමුළුව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් නම් කරන ලද ජනාධිපති නියෝජිත Sultan Al Jaber මහතා හමුවෙයි. එම හමුව බෙයිජිං අගනුවර දී ඊයේ (26) පැවැත්විණ.
වං යී මහතා මෙහිදී කියාසිටියේ, දෙරට රාජ්‍ය නායකයන් දෙදෙනාගේ උපායමාර්ගික මගපෙන්වීම යටතේ චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සබඳතා ශක්තිමත් සහ ස්ථාවර සංවර්ධන වේගයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි.
එකිනෙකාගේ මූලික අවශ්‍යතා පිළිබඳ අන්‍යොන්‍ය අවබෝධය පුළුල් කිරීම, ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ‘එක් තීරයක් එක් මාවතක්’ ඒකාබද්ධව ගොඩනැංවීම සහ සහයෝගිතා ක්ෂේත්‍ර පුළුල් කිරීම යන අංශවල වැදගත්කම වං යී මහතා මෙහිදී පෙන්වා දුන්නේය. එසේම, චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය ඉහළ මට්ටමකට නැංවීම චීනයේ අපේක්ෂාවයි.
නව සාමාජිකයෙකු ලෙස BRICS පවුලට එක්වීම සම්බන්ධයෙන් වං යී මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සුබ පැතීය. එසේම, 2023 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව ඩුබායි හි පැවැත්වීම සඳහා චීනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, සමුළුවේ ධනාත්මක ප්‍රතිඵල සහතික කිරීම උදෙසා කැප වී ක්‍රියාකරන බවත් හෙතෙම පැවසීය.
එක්සත් අරාබි එමීර් හි විශේෂ නියෝජිත Sultan Al Jaber මහතා මෙහිදී පැවසුවේ, දෙරට අතර විශ්වාසයට ශක්තිමත් පදනමක් ඇති බව යි. දිගුකාලීන මිත්‍රත්වයේ පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය සඳහා තම රට දැඩි ව කැපවී සිටින බවත් හෙතෙම කියාසිටියේය.
පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් පිළිබඳ චීනයේ දැක්ම, ගෝලීය තිරසර සංවර්ධනය සඳහා චීනයේ ඉහළ දායකත්වය මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා චීනය ලබාදෙන නායකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යය බෙහෙවින් අගය කරන බව ද Sultan Al Jaber මහතා කියාසිටියේය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි