කිසිදු ආකාරයකින් චීනයේ ස්වෛරීභාවය හා ආරක්ෂාවට තර්ජනයක් එල්ල කිරීමට චීනය තරයේ ම විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
තායිවාන ප්‍රදේශය චීනයෙන් අවියෝජනීය වූ කොටසකි. තායිවාන ප්රශ්නය චීනයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව පිළිබඳ ප්‍රශ්නයක් මිස යාත්‍රා කිරීමේ නිදහස සම්බන්ධ ප්‍රශ්න නොවේ. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ(12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව අවධාරණය කළේ ඇමරිකානු නෞකා චීනයේ තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
යාත්‍රා කිරීමේ නිදහස මුවාවෙන් ඕනෑ ම පාර්ශ්වයක් චීනයේ ස්වෛරීභාවය හා ආරක්ෂාවට තර්ජන එල්ල කිරීමට එරෙහිව චීනය තරයේ ම විරුද්ධ වන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්