බ්‍රිතාන්‍ය රජය විසින් ‘වසර 2023 විදේශයන්හි ව්‍යාපාරික කටයුතුවල අවදානම් පිළිබඳ මඟපෙන්වීම: හොංකොං’ නමැති වාර්තාවේ සම්පාදක පිටපත නිකුත් කරන ලදි. එමගින් චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ බලාත්මක ‘ජාතිකාරක්ෂක නීතිය’ හා නව මැතිවරණ ක්‍රමය අපකීර්තියට ලක් කිරීමටත් එම කලාපයේ ප්රජාතන්ත්රවාදය, මානව නිදහස හා මානව හිමිකම් තත්ත්වය මෙන්ම, ‘එකම රටක් ක්‍රම දෙකක්’ යන ක්රමයේ සාර්ථක ප්‍රතිඵල අපවාදයට ලක් කිරීමටත් තැත් කර ඇත. එය හොංකොංහි කටයුතු හා චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි මැදිහත්වීමකි. චීනය එය දැඩි ලෙස හෙළා දකිමින් ඊට තරයේම විරුද්ධත්වය පළ කරන බව හොංකොං විශේෂ පරිපාලන කලාපයේ චීන විදේශ අමාත්‍යංශයේ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයා අද(3) ප්‍රකාශ කළේය.
හොංකොංහි ජාතිකාරක්ෂක නීතිය හා නව මැතිවරණ ක්රමයේ රැකවරණය යටතේ හොංකොංහි සමාජය සාමකාමී ව පවතින අතර පරිපාලන කාර්යක්ෂමතාව හා හැකියාව ද ඉහල නංවා ඇත. හොංකොං වැසියන්ට නීතියට අනුව හිමි ප්‍රකාශන, පුවත්, සමාජ කණ්ඩායම් ඇති කිරීම පිළිබඳ අයිතිය, වඩාත් සුරක්ෂිත පරිසරයක මනාව සහතික කර ඇත. එසේම හොංකොංහි ව්‍යාපාරික පරිසරය වඩාත් විධිමත් හා ස්ථාවර වන අතර විදේශ ආයෝජකයින් එම කලාපය කෙරේ පූර්ණ විශ්වාසය දක්වා තිබේ. බ්‍රිතාන්‍යයේ වාර්තාව, පදනම් විරහිත අසත්‍යයෙන් යුතු ගොනුවකි. ‘පාට කණ්නාඩියෙන්’ හොංකොංහි නිල්වන් අහස දෙස බලමින්, අගතියෙන් යුක්තව කළු පාටින් විචාරය කරමින් හොංකොංහි කටයුතුවලට චෝදනා කළ එම වාර්තාවෙහි පොදු විශ්වසනීයත්වයක් නොමැති බව පැහැදිලි යැයි ඔහු පැවසීය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි