චීනයේ අලුතිත් නිර්මාණය වූ ‘කොවිඩ් 19’ පොකුරට අයත් වැඩි දෙනා කුඩා දරුවන් යැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
චීනයේ යළි කොරෝනා පොකුරක් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ දින 20 කින් පමණ පසුවය. මෙම කොරෝනා පොකුරේ ව්‍යාප්තිය සිදුවන බව පැවැසෙන්නේ ෆුජියාන් පළාතෙනි.
පැතිර යන්නේ ඩෙල්ටා විකෘතිය බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබෙන අතර, මේ වනවිට නව ආසාදිතයන් ගණන 59 තෙක් ඉහළ ගොස් තිබේ.
වයිරසයට ගොදුරු වන්නේ කුඩා දරුවන් බැවින් ෆුජියාන් පළාතේ පාසල් වසා දමා ඇති අතර, සංචරණ සීමා දැඩි කර තිබේ.
මෙම නව වයිරස පොකුර නිර්මාණය වූ බව පැවැසෙන්නේ සිංගප්පූරුවේ සිට පැමිණි අයකුගෙන් යැයි සෞඛ්‍ය අංශ සිදු කළ විමර්ශනවලදී තහවුරු වී ඇත.
මොහු නව වතාවක් කොරෝනා පරීක්ෂණවලට ලක් කළ බවත්, ආසාදිතයකු බව සියයට සියයක් නිවැරදිව හඳුනා ගැනීම සිදුවූයේ 9 වැනි අවස්ථාවේදී බවත් චීන පුවත් සේවා වැඩි දුරටත් පවසා ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි