චීනයේ 13 වැනි ජාතික කාන්තා නියෝජිත සම්මේලනය අද (23) බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ඇරඹිණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ඇතුළු නායකයන් ඒ සඳහා සහභාගී වෙමින් සුබ පැතුම් එක් කළහ. විවිධ ක්ෂේත්‍රවල කාන්තා නියෝජිතයන් 1800ක් පමණ හා හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාපවල විශේෂ කාන්තා නියෝජිතයන් 90ක් ද එම සම්මේලනයට සහභාගි වූහ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් චීන උප අග්‍රාමාත්‍ය Ding Xuexiang මහතා එහිදී “ශක්තිමත් රටක් ගොඩනැගීම හා ජාතික පුනර්ජීවනය සඳහා නව යුගයේ චීන කාන්තාවන්ගේ විශිෂ්ට නිර්මාණ” මැයෙන් දේශනයක් සිදු කරමින් රට පුරා සියලු කාන්තාවන් වෙත හෘදයාංගම සුබ පැතුම් පිරිනැමීය. ෂී ජින් පිං මහතාගේ ශක්තිමත් නායකත්වය යටතේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධානත්වයෙන් දරිද්‍රතාවය පිටුදැකීම, විද්‍යා හා තාක්ෂණ නිර්මාණශීලිත්වය සහ වසංගතයට එරෙහිව කටයුතු කිරීමේදී කාන්තාවන් කැපවී ක්‍රියා කළහ. එමෙන්ම සිය පවුල හා ප්‍රජාවේ කටයුතු ඇතුළු බොහෝ ක්ෂේත්‍රවලදී චීන කාන්තාවන් දැවැන්ත දායකත්වයක් ලබා දී ඇති බව ද Ding Xuexiang මහතා කීයාසිටියේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේදී චීන ලක්ෂණවලින් යුතු නවීකරණය ඔස්සේ පූර්ණ වශයෙන් ශක්තිමත් රටක් ගොඩනැගීමේ දැවැන්ත සැලැස්ම හඳුන්වා දී තිබේ. එම සැලැස්ම යටතේ බොහෝ කාන්තාවන් මෙම නව ගමනේදී විචිත්‍රවත් පරිච්ඡේදයක් නිර්මාණය කළ යුතු බව Ding Xuexiang මහතා පෙන්වා දී ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි