චීනයේ Gansu පළාතේ Jishishan කෝරළයේ හටගත් භූමිකම්පාවකින් 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වෙති. බෙයිජිං වේලාවෙන් ඊයේ (18) රාත්‍රී 11:59 ට සිදුව ඇති එහි ප්‍රබලතාව රිච්ටර් මාපකයේ 6.2 ක් ලෙස සටහන් විය.
Gansu පළාතේ විපතට පත් 96 දෙනෙකු තුවාල ලබා ඇත. Qinghai පළාතේ ද 11 දෙනෙකු මිය ගිය අතර, 140 දෙනෙකු තුවාල ලබා ඇත. මෙම ප්‍රදේශවල ජලය, විදුලිය, ප්‍රවාහනය හා සන්නිවේදන පහසුකම්වලට ද හානි සිදුව තිබේ.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා අගමැති ලී ච්‍යං මහතා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. ජීවිත හානි අවම කිරීම සඳහා, විපතට ලක්වූවන් කඩිනමින් මුදාගැනීමටත්, වෛද්‍ය සේවා සහතික කිරීමටත් උපරිම පියවර ගත යුතු බව ද දැනුම් දෙනු ලැබීය.
ඒ අනුව, චීන රාජ්‍ය මණ්ඩලය විශේෂ ක්‍රියාකාරී කණ්ඩායමක් ආපදා ප්‍රදේශවලට යවා ඇත. භූමිකම්පා සහන මෙහෙයුම් විධිමත්ව ක්‍රියාත්මකයි.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ