චීනයේ Shenzhou-17 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයේ ගගනගාමී කණ්ඩායම සිය මෙහෙයුම ආරම්භ කර ඇත.
ගගනගාමීන් පිටත් වීම නිවේදනය කිරීමේ උත්සවය අද (26) උදේ 8:24 ට Jiuquan චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානය ආසන්නයේ දී පැවැත්විණ. අනතුරුව Tang Hongbo, Tang Shengjie, Jiang Xinlin යන ගගනගාමීහු තිදෙනා එම මධ්‍යස්ථානය වෙත පිටත් ව ගියහ.
Shenzhou-16 අභ්‍යවකාශ යානාවේ ගගනගාමීහු මේ වනවිට චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 5 ක පමණ කාලයක් තිස්සේ රැඳීසිටිති. ඔවුහු එහි පැමිණීමට නියමිත Shenzhou-17 යානයේ ගගනගාමීන් පිළිගැනීමට සූදානමින් සිටිති.
චීනයේ Shenzhou-17 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය සාර්ථක ව ගුවන්ගත කෙරේ.
අද (26) පෙරවරු 11:13:59 ට එය Jiuquan චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශය වෙත යොමුකරනු ලැබීය. ඒ, Long March 2F ප්‍රවාහක රොකට්ටුවේ ආධාරයෙනි.
More Stories
“මෙක්සිකෝ බොක්ක” නැවත නම් කිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව නඩු පැවරිය හැකියි– මෙක්සිකෝ ජනපති
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹේ
වෙළඳපොලේ කීර්තියට හානි කළ ඇමරිකාවේ සමාගම් දෙකකට එරෙහිව චීනයෙන් නීතිමය පියවර