චීනයේ‘Peace Ark’ රෝහල් නෞකාව වසර 7කින් පසු යළි ශ්‍රී ලංකාව වෙත ළඟා වේ.
‘සහජීවන මෙහෙයුම-2024’ වැඩසටහන ක්‍රියාත්මක කරමින් චීන නාවික හමුදාවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව අද (21) කොළඹ වරායට ළඟා වී ඇත. එහිදී දින 7ක් සෞඛ්‍ය සේවා ලබා දෙමින් සුහද සංචාරයක නිරත වීමට අපේක්ෂා කෙරේ.
නෞකාව පිළිගනිමින් කොළඹ වරායේදී පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්විණ. ශ්‍රී ලංකා පාර්ශ්වයේ නියෝජිතවරු, චීන තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩලය, චීන ව්‍යවසායන් හා ආයතන නියොජිතවරු මෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතික පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.
මෙම සංචාරයේදී එම නෞකාවේ ප්‍රධාන වේදිකාව මත සෞඛ්‍ය සේවා ලබා දීම සිදු කෙරේ. ඊට අමතරව විවිධ යුද හමුදා වෛද්‍ය සේවා අදහස් හුවමාරු වැඩසටහන් මෙන්ම, එම රෝහල් නෞකාවේ නාවික හමුදා සෙබළුන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සෙබළුන් අතර විවිධ සංස්කෘතික හුවමාරු වැඩසටහන් රැසක් සිදු කිරීමට ද නියමිත ය.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්