චීන-අප්‍රිකා සහයෝගීතා සංසදය සමඟ වැඩි කාර්යභාරයක් ඉටු කොට ප්‍රතිඵල රැසක් අත්කර ගැනීමට අප්‍රිකානු රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව චීන විදේශ ඇමතිවරයා පවසයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික සහ විදේශ ඇමති වං යී මහතා මේ බව පැවසුවේ, ඊයේ(7) කොංගෝ ජනරජයේ බ්‍රසාවිල් අගනුවරදී එරට ජනාධිපති Denis Sassou Nguesso මහතා හමුවීමෙන් පසු මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
බෙයිජිං සමුළුවේ ප්‍රතිඵල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් චීන-අප්‍රිකා සහයෝගීතා සංසදයේ සම සභාපති රටවල් දෙකක් වන චීනය හා කොංගෝ ජනරජය සතුව ඇති සැලසුම් කුමක් දැයි එහිදී මාධ්‍යවේදියෙකු විමසීය.
ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් වං යී මහතා කියා සිටියේ, තම මෙම සංචාරයේ අරමුණ සංසද සහයෝගීතාවයේ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් කොංගෝ ජනරජය සමඟ එකඟතාවන්ට පැමිණීම බවයි.
චීනය සහ අප්‍රිකාව සංවර්ධන උපායමාර්ග සහයෝගීතා සහ රාජ්‍ය පාලනයේ අත්දැකීම් හුවමාරුව ශක්තිමත් කරමින් චීන-අප්‍රිකා මිත්‍ර සහයෝගීතාවයේ ජීවගුණය අඛණ්ඩව පෝෂණය කළ යුතු බව වං යී මහතා එහිදී පෙන්වා දුන්නේය.
අප්‍රිකා රටවල ආනයනයන් සම්බන්ධයෙන් සියයට 100ක ශුන්‍ය රේගු බදු පැනවීම මනාව ක්‍රියාත්මක කළ යුතු අතර අනෙකුත් ප්‍රධාන චීන-අප්‍රිකා ව්‍යාපෘති මනාව ප්‍රවර්ධනය කළ යුතු බව ද වං යී මහතා අවධාරණය කළේය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි