චීනය තුළ දැඩි ඉන්ධන අර්බුදයක් මතුව තිබෙනවා.
ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ රට තුළ ඇති ඩීසල් හිගයයි.
ඩීසල් මිල ඉහළ යාමත් සමග සැපයුමද පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව ට්‍රක්රථ රියදුරන්ට ඉන්ධන ලබාගැනීම සදහා දිනකට ආසන්න කාලයක් ඉන්ධන පිරවුම්හල් අසල ගත කිරීමට සිදුව ඇති බව සදහන්.
චීනයේ ඩීසල් හිගයක් මතුවූයේ ගල් අගුරු සහ ස්වභාවික ගෑස් හිගය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබියදීවීම විශේෂත්වයක්.
මේ වනවිට පවතින ඩීසල් හිගය හේතුවෙන් චීනයේ නිෂ්පාදිත භාණ්ඩවල මිලද ඉහළයාමේ අවදානමක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්