චීනය තීරු බදු අවමකිරීම අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම, කලාපීය වෙළඳ, ආයෝජන සහ ආර්ථික වර්ධනය සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කොට ඇති බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව පැවසුවාය.
කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම හෙවත් RCEP ගිවිසුම බලාත්මක වීමේ 2වැනි සංවත්සරය සැමරේ.
ගෙවී ගිය වසර දෙක තුළ RCEP ගිවිසුම ක්‍රියාත්මක කෙරෙන කලාපීය වෙළඳ වියදම් විශාල වශයෙන් අඩු වී ඇති අතර කර්මාන්ත දාම හා සැපයුම් දාම වඩා සමීපව සම්බන්ධ වී තිබෙන බැවින් එම ගිවිසුමට සහභාගි වූ විවිධ පාර්ශ්වයන් ප්‍රායෝගික ප්‍රතිලාභ ලබා ගෙන ඇතැයි Mao Ning මහත්මිය එහිදී පැවසුවාය.
පසුගිය වසරේ මුල් මාස 11 තුළ චීනය, තායිලන්තය හා වියට්නාමය ඇතුළු RCEP සාමාජික රටවලින් යුවාන් බිලියන 46.61ක වටිනා නැවුම් දූරියන් ආනයනය කර ඇති අතර එය මුළු 2021 වසර මෙන් 1.7 ගුණයක් විය. සාමාජික රටවල පොදු සමෘද්ධිය සාක්ෂාත් කරගැනීම සඳහා විවිධ පාර්ශ්වයන් සමඟ එක්ව RCEP ගිවිසුම අධි ගුණාත්මකභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Mao Ning මහත්මිය සඳහන් කළාය.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය