චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා නියෝජ්‍ය නායක Lai Ching-te “ඇමරිකාව හරහා කළ සංචාරය”අවසන් කිරීමෙන් පසු ඊයේ(18) තායිවානයට ආපසු පැමිණියේය. ඔහුගේ එම සංචාරයට පෙර හා පසුව, තායිවාන ප්‍රදේශයේ වැසියන් මෙන්ම ඇමරිකාවේ වෙසෙන චීන ජාතිකයෝ “තායිවාන ස්වාධීනත්වයට එරෙහි වීම” වැනි සටන් පාඨ කියමින් ඊට විරෝධය පළ කළහ. ඇමරිකානු පාර්ශ්වයෙන් ද එම අවස්ථාවේ ඔහුට “එතරම් උණුසුම් පිළිගැනීමක්” හිමිනොවීය. මින් එක් කරුණක් සනාථ වී තිබේ. එනම්, Lai Ching-te යනු සම්පූර්ණ “කරදර ඇති කරන්නෙකු” බව සියලු පාර්ශ්වයන් විසින් හඳුනාගෙන ඇති බවයි. එසේම, මෙම කුප්‍රකට “තායිවාන ස්වාධීනත්වය” හුවාදක්වන පුද්ගලයා සෑම තැනකින්ම හෙළාදැකීමට ලක්වන බවයි.
මේ වනවිට බොහෝ දෙනා කතා කරන්නේ තායිවාන ප්රශ්නයේ “සැබෑ තත්ත්වය” ගැනයි. එසේනම් මේ “සැබෑ තත්ත්වය” යනු කුමක්ද? එහි අන්තර්ගත එකම සත්‍යය පැහැදිලි ය. එනම්, තායිවානය චීනයට අයත් කොටසක් වන අතර චීනයේ ජාතික ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව කිසි විටෙකත් ඛණ්ඩනය වී නොමැත.
බොහෝ නිරීක්ෂකයන් විශ්වාස කරන පරිදි, වර්තමානයේ තායිවානය සාමය හා යුද්ධය, සමෘද්ධිය හා පරිහානිය යන විකල්ප අපේක්ෂා දෙක පිළිබඳ තෝරාගැනීමේ අවස්ථාවකට මුහුණ පා සිටී. ඊනියා “තායිවාන ස්වාධීනත්වය” තායිවාන සමුද්‍ර සන්ධියේ සාමයට හා ස්ථාවරත්වයට මෙන්ම ඒ දෙපස සිටින චීන ස්වජාතිකයන්ගේ යහපැවැත්මට හානිකර බව තායිවාන වැසියන් මනාව වටහාගෙන තිබේ. ඊනියා තායිවාන ස්වාධිනත්වයට දැඩි ලෙස විරුද්ධ වී සාමය හා එක්සත්භාවය ඒකාබද්ධව අනුගමනය කිරීම, සමුද්‍ර සන්ධිය දෙපස සිටින චීන ජනතාවගේ මනා පැවැත්ම සහතික කරනු ඇත. එසේම, සාමකාමී එක්සත්භාවය සඳහා පුළුල් අවකාශයක් නිර්මාණය කිරීමට සූදානමින් පසුවන චීන මහා ගොඩබිම් පාර්ශ්වය කිසිදාක “තායිවාන ස්වාධීනත්වයකට” හෝ බෙදුම්වාදී ක්‍රියාවක් සඳහා කිසිදු ඉඩක් නොතබනු ඇත.
චීන දේශය ශක්තිමත්වීම, ජාතික පුනර්ජීවනය සහ සමුද්‍ර සන්ධි දෙපස ජනතාව යළි එක්සත්වීම යන ඓතිහාසික ප්‍රවණතාව කිසිවකුට හෝ බලවේගයකට නැවැත්විය නොහැකි බව Lai Ching-te මෙන්ම ඔහු වැනි සියලුදෙනා පිළිගත යුතුය!
More Stories
සිය සළුපිළි උනා දැමූ ඇමරිකාව ගැන චීනයේ මතය
සමස්ත ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාවන් පිළිබිඹු කරන චීනයේ අලුත් අවුරුදු තෑග්ග…
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්