චීනය ජපානයේ ජලජ නිෂ්පාදන ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවයි. චීන රේගු මහ පරිපාලනය අද(24) එම තීරණය නිවේදනය කළේය. එම නිවේදනයේ සඳහන් වන පරිදි චීන නීති හා ලෝක වෙළඳ සංවිධානයේ සනීපාරක්ෂක සහ ශාක නිරෝධායන පියවර පිළිබඳ ගිවිසුමට අනුව අද(24) සිට ජපානයේ ජලජ නිෂ්පාදන ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට චීන රේගු මහ පරිපාලනය තීරණය කර තිබේ.
චීන රේගු මහ පරිපාලනයේ ආනයන හා අපනයන ආහාර ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ජගත් ප්‍රජාවේ දැඩි සැකය හා විරෝධය නොතකා ජපාන රජය ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම ඒකපාර්ශ්විකව ආරම්භ කර ඇති බවයි. ඉන් ජපානයේ සිට චීනයට අපනයනය කරන ජලජ ආහාරයන්හී පැවතිය හැකි විකිරණශීල දූෂණ අවදානම කෙරෙහි චීන රේගු මහ පරිපාලනය ඉහළ අවධානය යොමු කර තිබේ. ජපානයේ න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමේ තත්ත්වය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරමින් අදාළ අධීක්ෂණ පියවර චීන රේගු මහ පරිපාලනය සකස් කරනු ඇත. අපජලය මුහුදට මුදාහැරීමෙන් චීන ජනතාවගේ සෞඛ්‍ය හා ආහාර ආරක්ෂාවට ගෙන එන අවදානම වැළැක්වීමට පියවර ගනු ඇති බව එම නිලධාරීයා පැවසීය.
More Stories
ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්