චීනය ඩ්‍රෝන අපනයන පාලනය පිළිබඳ නව නිවේදන දෙකක් නිකුත් කරයි. ඉහළ කාර්ය සාධනයක් සහිත ඩ්‍රෝන යානාවන්හි යුධ ලක්ෂණයන් ද පවතී. එබැවින් එයට අපනයන සීමා පැනවීම ජාත්‍යන්තර පොදු එකඟතාවක් බව චීන වාණිජ අමාත්‍යංශය 31 වන දා පැවති මාධ්‍ය හමුවකදී විස්තර කළේය. ඩ්‍රෝන තාක්ෂණයේ වේගවත් සංවර්ධනයත් සමඟ ඇතැම් සිවිල් ඩ්‍රෝන යානා හමුදා භාවිතයට ගැනීමේ අවදානම වර්ධනය වෙමින් පවතී. ඩ්‍රෝන යානාවල ප්‍රධාන නිෂ්පාදන හා අපනයන රටක් ලෙස, චීනය ප්‍රමාණවත් පර්යේෂණ මත පදනම්ව ඩ්‍රෝන අපනයන සීමාව දැඩි කිරීමට තීරණය කරන අතර එම තීරණය නිශ්චිත රටක් හෝ කලාපයක් ඉලක්ක කර නොගන්නා බව ද චීන වාණිජ අමාත්‍යංශය සඳහන් කළේය.
ලෝක සාමය හා ස්ථාවරත්වය සඳහා මුල සිටම කැප වෙමින් සිටින චීනය සිවිල් ඩ්‍රෝන යානා හමුදා භාවිතයට පත් කිරීමේ උත්සාහයට තරයේ විරුද්ධ වේ. ඩ්‍රෝන අපනයන සීමාව දැඩි කීරීම ලෝක ආරක්ෂක මුලපිරුම හා ලෝක සාමය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් පියවරක් බව ද චීන වාණිජ අමාත්‍යංශය අවධාරණය කළේය.
චීනය ඩ්‍රෝන අපනයන සීමාව දැඩි කරයි

More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය