චීනයත්, තායිවානයත් අතර පවතින නොසන්සුන්කාරී තත්ත්වය වසර 40 ක් ඇතුළත ඉතාමත් දරුණු අතට හැරී ඇතැයි තායිවාන ආරක්ෂක කටයුතු අමාත්‍ය චීයු කුඕ චෙංග් බිය පළ කරයි.
චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ බිය පළ කළේ චීන හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා ‘සැලකිය යුතු ප්‍රමාණයක්’ තායිවාන ගුවන් සීමාවට ඇතුළු වීමත් සමඟය.
යම් හෙයකින්, වැරදීමකින් හෝ ප්‍රහාරයක් සිදුවුවහොත් දෙරට අතර ගැටුම්කාරී තත්ත්වයක් තෙක් එය දුරදිග යනු ඇති බව ද තායිවාන ආරක්ෂක අමාත්‍යවරයා පවසා තිබේ.
තායිවානය යනු අතීතයේ චීනයට අයත් චීනය අසල පිහිටි දූපත් රාජ්‍යයකි. අද තායිවානය වෙනම රාජ්‍යයක් ලෙස කටයුතු කළත්, චීනය තවමත් තායිවානය එරට කොටසක් ලෙස පිළිගනී.
චීනයේ කෙණහිලිකම් දිනෙන් දින ඉහළ යන බවත්, 2025 වසර වෙද්දී චීනය තායිවානය මුළුමනින්ම ආක්‍රමණය කරනු ඇති බවත් ආරක්ෂක ඇමැතිවරයා වැඩි දුරටත් පැවැසීය. ඔහු මෙසේ පැවැසුවේ පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ කරුණු පහදමිනි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි