චීනය දරිද්‍රතාව තුරන් කළ රටක් ලෙස චීන ජනාධිපතිවරයා විසින් අද ප්‍රකාශයට පත් කරනු ලැබිණ.
ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, බීජිං නුවර පැවති උත්සවයකදී ය.
පසුගිය වසර 8 තුළ චීනය දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය වැසියන් මිලියන 98.99 ක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.
1970 දශකයේ අගභාගයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් මිලියන 770 ක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට චීනයට හැකි වී තිබේ.
ගෝලීය දරිද්‍රතා දර්ශකය පහත හෙළීම සඳහා චීනය 70% ක දායකත්වයක් දී ඇතැයි ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි