චීනය ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත යුක්‍රේන ගැටළුව පිළිබඳ සාම සමුළුවට සහභාගි නොවීමට තීරණය කිරීම සාමයට අනුබල නොදීමක් ලෙසට අර්ථදැක්විය නොහැකි බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය එසේ ප්‍රකාශ කළේ ඊයේ(3) පැවති මාධ්‍ය හමුවකදීය. ඇතැම් රටවල් එම සමුළුවට එක් වීමට ගියද සටන් විරාමයක් අපේක්ෂා නොකරන බවත් ප්‍රායෝගික ක්‍රියා මගින් පමණක් ස්ථාවරය ඔප්පු කළ හැකි බවත් ඇය පැහැදිලි කර ඇත.
‘රුසියාව හා යුක්‍රේනය යන දෙපාර්ශ්වයේම පිළිගැනීම, විවිධ පාර්ශ්වයන්ගේ සමානාත්මතා සහභාගීත්වය, සියළු සාම ක්‍රියාමාර්ග පිළිබඳව සමානාත්මතාවෙන් යුතුව සාකච්ඡා පැවැත්වීම යන පූර්ව කොන්දේසි මත’ සාම සමුළුව පැවැත්විය යුතු බව චීනයේ අදහසයි. එම කරුණු තුන සාක්ෂාත් කිරීමේ ලකුණක් චීනයට දක්නට නොලැබීම හේතුවෙන් ඊට එක් නොවීමට චීනය තීරණය කළේය. එවන් ස්ථාවරය සාධාරණ මෙන්ම යුක්තිසහගත වන අතර කිසිදු පාර්ශ්වයකට එරෙහි නොවේ. විවිධ පාර්ශ්වයන්ට චීනයේ ස්ථාවරය පිළිබඳව අවබෝධ විය හැකි යැයි විශ්වාස කරන බව ඇය පැවසුවාය.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ