මෙම වසරේ පළමු වැනි කාර්තුවේ දී චීනය ලොව විශාලතම මෝටර් රථ අපනයන රට බවට පත් වේ.
එම කාර්තුවේ චීනය මෝටර් රථ දස ලක්ෂ හැත්තෑ දහසක් අපනයනය කර තිබේ. එය ජපානය අභිබවා යාමකි. මෝටර් රථ අපනයනය ඉහළ යාමත් සමග මෝටර් රථ ප්‍රවාහන නෞකා ප්‍රවාහන ධාරිතාවේ බරපතල හිඟයක් ද මතුව ඇත. මීට පෙර චීනයේ විශාල මෝටර් රථ ප්‍රවාහන නෞකා නිෂ්පාදනය කළ හැකි තටාකාංගනයක් නොතිබිණ. මේ වනවිට චීනයේ නැව් නිෂ්පාදන සමාගම් මෙම අවස්ථා අත්පත් කර ගනිමින් වෙළඳපොලේ එම හිස්තැන් පිරවීමට වෑයම් කරයි. බොහෝ නැව් ප්‍රවාහන සමාගම් හා මෝටර් රථ නිෂ්පාදන සමාගම් එවැනි නෞකා ඇණවුම් කර තිබේ. පසුගිය වසරේ ලොව මෝටර් රථ ප්‍රවාහන නෞකා 74ක් සඳහා ඇණවුම් ලැබී තිබිණ. ඉන් චීනයේ ඇණවුම් හී බර සමස්ත ප්‍රමාණයෙන් සියයට 88.4ක් ගෙන තිබේ.
චීනය ලොව විශාලතම මෝටර් රථ අපනයන රට බවට පත්වෙයි

More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්