2022 වසරේ චීනය සිදු කළ විදේශ ආයෝජනයන් ගෙන් සියයට 80කට වැඩි රටවල් හා ප්‍රදේශ ආවරණය කෙරේ.
චීන වාණිජ අමාත්‍යංශය, ජාතික සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව හා ජාතික විදේශ විනිමය පාලන දෙපාර්තමේන්තුව අද(28) ඒකාබද්ධව ‘වසර 2022 චීනය විදේශයන්හි සිදු කළ ආයෝජන පිළිබඳ සංඛ්‍යාලේඛනය’ නිකුත් කර ඇත. ඒ අනුව වසර 2022 චීනය විදේශයන්හි සිදු කළ ආයෝජන වටිනාකම ඇ.ඩො. බිලියන 163.12කි. එය ලොව දෙවැනි ස්ථානයේ පසු වන අතර වසර 11ක් පුරා ලොව මුල් ස්ථාන තුනේ රැඳී සිටීමට සමත් විය. 2022 වසරේ අග භාගය වන විට චීන දේශීය ආයෝජකයින් රටවල් හා ප්‍රදේශ 190ක ව්‍යාපාර 47 දහසක් ආරම්භ කර ඇත. ඉන් සියයට 60ක් පිහිටා ඇත්තේ ආසියාවේය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ සංවර්ධනයට එක්වන රටවල්වල, චීන ආයෝජනය සහිත ව්‍යාපාර 16 දහසක් ස්ථාපිත වී තිබේ.
මේ අතර පසුගිය වසරේ විදේශයන්හි චීන ව්‍යාපාර එම විදේශ රටවලට බදු වශයෙන් ඇ.ඩො. බිලියන 75ක් ගෙවා ඇති අතර වසරින් වසරට එය සියයට 35.1ක වැඩිවීමකි. එම ව්‍යාපාර අදාල රටවල ප්‍රාදේශීය සේවකයින් මිලියන 2.5ක පිරිසක් බඳවා ගෙන ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි