චීන ආර්ථිකයේ මනා සංවර්ධන ප්‍රවණතාවක් පවතින අතර, එය විවිධ රටවලට වැඩි අවස්ථා ලබා දෙන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
මේ වසරේ පළමු කාර්තුවේ චීන ආර්ථිකය හා අදාළ ආනයන අපනයන දත්ත මෑතකදී පළ කෙරිණ. චීන ආර්ථිකයේ ස්ථාවරත්වය, විශාල විභවය හා ජීව ශක්තිය එම දත්තවලින් පිළිබිඹු කෙරෙන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ (19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.
පළමු කාර්තුවේ, ආසියාන් රාජ්‍ය සංගමය, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල් සමග චීනයේ ආනයනය සහ අපනයනය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 16.1%, 14.1% සහ 11.7% කින් ඉහළ ගොස් තිබේ. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට සම්බන්ධ සහ කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගීතා ගිවිසුමේ සාමාජික රටවල් සමග, චීනයේ ආනයනය සහ අපනයනය පිළිවෙලින් 16.8% සහ 7.3% කින් ඉහළ ගොස් ඇති බව Wang Wenbin මහතා සඳහන් කළේය.
චීනය විවිධ රටවලට වැඩි අවස්ථා ලබා දෙන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි

More Stories
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා
විවිධ අවධානම් හා අභියෝගයන්ට චීනය සන්සුන්ව හ ශක්තිමත්ව ප්‍රතිචාර දක්වා ඇතැයි චීන අගමැති කියයි