නිදහස් වීසා ප්‍රතිපත්තිය ඇතුළු විවෘත පියවරයන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට චීනය පියවර ගනී.
චීන වාණිජ අමාත්‍යංශය සම්පාදනය කළ “ජාත්‍යන්තර පරිභෝජන මධ්‍යස්ථාන ලෙස නගර ගොඩනැංවීම සඳහා පියවරයන්” නමැති නිවේදනය චීන රාජ්‍ය මණ්ඩලය විසින් ඊයේ(26) නිකුත් කෙරිණ. එම නිවේදනයට අනුව, චීනයේ ෂැංහයි, බෙයිජිං, ගුවැන්ජෝ, ටියැන්ජින් සහ චොංචිං යන නගර කිහිපයක් ජාත්‍යන්තර පරිභෝජන මධ්‍යස්ථාන බවට පත් කිරීම වේගවත් කිරීමට පියවර ගනු ඇත. එම නගරවල ජාත්‍යන්තර මට්ටමෙන් ආකර්ශනීය පරිභෝජන පරිසර නිර්මාණය කිරීම, දේශීය ඉල්ලුම හා ඉහළ මට්ටමේ විවෘතභාවය අංගසම්පූර්ණයෙන්ම පුළුල් කිරීම සඳහා චීනය ප්‍රතිපත්ති 8 ක් සකස් කර ඇත.
රටට ප්‍රවේශ වීමේ ක්‍රියාවලිය සහ පරිභෝජන පරිසරය ප්රශස්ත කිරීමට එම ප්‍රතිපත්ති මගින් අවධානය යොමු කෙරේ. ඒකපාර්ශ්වික වීසා නිදහස් රටවල ලැයිස්තුව පිළිවෙලින් පුළුල් කිරීම සහ විදේශිකයන් රටට ඇතුල්වීමේ ක්‍රියා පටිපාටිය පහසු කිරීම එම ප්‍රතිපත්තිවලට ඇතුලත්ය. එම නගරවලට විදේශීය සෘජු ගුවන් ගමන් වැඩි කිරීම සඳහා ද පියවර ගනු ඇත. ජාත්‍යන්තර පරිභෝජන සංකීර්ණ ගණනාවක් මෙන්ම විදේශකයන්ට පරිභෝජන හිතකාමී වෙළඳ සංකීර්ණ බොහොමයක් නිර්මාණය කෙරෙනු ඇති බව ද එම ප්රතිපත්තීන් හි සඳහන් කෙරේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්