චීනය සහ එක්සත් ජනපදය ඉදිරි දශකය තුළ දේශගුණික සහයෝගීතා ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට එකඟ වී තිබෙනවා.
මෙය දෙරට අතර දුර්ලභ එකඟතාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ග්ලාස්ගෝව් COP26 දේශගුණික සමුළුවට සමගාමීව තීරණයට එළඹි බවයි ඇමරිකාව නිවේදනය කර ඇත්තේ.
පැරිස් ගිවිසුමේ දක්වා ඇති සෙල්සියස් අංශක 1යි දශම 5 ක උෂ්ණත්ව ඉලක්කය සපුරා ගැනීම සඳහා සැළකිය යුතු ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කළ යුතුව ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා.
ඒ අනුව මීතේන් විමෝචන අර්බුධයට විසඳූම් සෙවීම දෙරටේ ප්‍රධාන ඉලක්කය වනු ඇති.
කෙසේ වෙතත් හානිකර හරිතාගාර වායුවක් වන මීතේන් සීමා කිරීමේ ගිවිසුමකට අවතීනර්ණ වීම මෙම සතිය මුලදී චීනය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වුණා.
මෙම ගිවිසුමට තවත් රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවක් අත්සන් තැබුවා.
චීනය මේ පිළිබඳ සඳහන් කර ඇත්තේ මීතේන් ආක්‍රමණය අවම කිරීම සඳහා ජාතික සැලැස්මක්” සකස් කිරීමට කටයුතු කරන බවයි.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ