චීන මහජන සමූහාණ්ඩුව සහ මාලදිවයින් සමූහාණ්ඩුව ද්වීපාර්ශ්වික වශයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනාවකට අනුව, මාලදිවයින් ජනාධිපති Mohamed Muizzu මහතා ජනවාරි මස 8වැනිදා සිට 12වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරතව සිටී.
වසර 52කට පෙර චීනය සහ මාලදිවයින අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් දා සිට දෙරට සෑම විටම එකිනෙකාට ගරු කරමින් සහයෝගය ලබා දී තිබේ. එකිනෙකාට සමානව සැලකීමට, එකිනෙකාට උපකාර කිරීමට සහ අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ අත්කර ගැනීමට ලොකු කුඩා රටවලට ආදර්ශයක් සපයා ඇති බව එම ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.
චීන-මාලදිවයින් සබඳතාව විස්තීර්ණ උපාය මාර්ගික සහයෝගිතා හවුල්කාරීත්ව සබඳතාව බවට ඉහළ නැංවීමටත් දෙරටේ විවිධ ක්ෂේත්රවල ප්‍රයෝගික සහයෝගිතා පුළුල් කිරීමටත් දෙපාශ්වය ඒකමතිකව කැමැත්තෙන් සිටින බව ද ඒකාබද්ධ නිවේදනය සඳහන් කරයි.
ජනාධිපති Mohamed Muizzu මහතාගේ මෙවර චීන සංචාරය අතරතුර, දෙපාර්ශ්වය “චීන-මාලදිවයින් සබඳතාව විස්තීර්ණ උපාය මාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය ගොඩනැගීම සඳහා චීන-මාලදිවයින් රජයන්හි ක්‍රියා සැලැස්ම(2024—2028)” සහ “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම යනාදී ක්ෂේත්රවල සහයෝගිතා ලියවිලි අත්සන් කර ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය